කළුතර දිස්ත්රික්යේ බේරුවල හා අලුත්ගම ප්රදේශවල 2014 -06 -15/16 සිදුවූ සිද්ධියේ වින්ධිතයන්ට වන්දි ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙම සිදුවීම හේතුවෙන් පවුල 273 කට අයත් දේපළ විනාශ වූ අතර, එහිදී හානිවූ ගොඩනැගිලි ශ්රී ලංකා යුද හමුදාව විසින් අලුත්වැඩියා කරදෙන ලදී.
එහෙත් එහිදී හානිවූ ගෘහ භාණ්ඩ සහ ජීවනෝපාය මාර්ග යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා වින්ධිතයන්ට වන්දි ගෙවීමක් සිදු නොකරන ලදී.
අදාළ හානි පරීක්ෂා කිරීම සඳහා පත්කරන ලද නිලධාරී කමිටුව විසින් එම සිදුවීම හේතුවෙන් අහිමි වූ අනෙකුත් දේපළ හා ගෘහ උපකරණ වෙනුවෙන් වන්දි ගෙවීම නිර්‘දේශ කර ඇත.