පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය පාලමට නුදුරින් අද (20දා) අලුයම බස් රථයකට වන අලි පැටියෙකකු ගැටී ඇති බව වනජීවී නිලධාරීන් පවසයි.
පොලොන්නරුව ගල්ලෑල්ල ජල ගැලුම් නිම්න රක්ෂිතයේ ජීවත්ව සිට ඇතයි කියන මෙම වන අලි පැටවා අද අලුයම 3.20 ට පමණ බස් රථයේ ගැටී ඇති අතර මේ වන විට අලි පැටවා අසාධ්‍ය තත්වයෙන් පසුවන බව වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
මෙම බස් රථය දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බවත් බස් රථයක් බවත් රියදුරු පොලොන්නරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අනුව ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනතුරින් අසාධ්‍ය තත්වයෙන් පසුවන වන අලි පැටවාගේ වයස අවුරුදු 7 ක් පමණ වන අතර මනම්පිටිය හා පොලොන්නරුව වන ජීවී නිලධාරීන් එක්ව ප්‍රතිකාර සිදුකරන බව වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.
