ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රශ්නවලට දින දෙකෙන් තුනෙන් විසඳුම් ලබාදිය හැකි බවත්, වනඅලි ප්‍රශ්නවලට එසේ විසඳුම් ලබාදිය නොහැකි බවත් සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේ අද (29දා) දහවල් පොළොන්නරුව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති වනඅලි ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
ඉන් අනතුරුව පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටා ඇති කැළිකසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට පැමිණ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්යවරයාඊට අයත් රක්ෂිත භුමියේ වනඅලින් පොලිතීන් ආහාරයට ගන්නා අයුරුද නිරීක්ෂණයකළේය. ඒ සඳහා කඩිනමින් විසඳුම් ගන්නා බවද වසන්ත සේනානායක මහතා කීය.
.jpg)