අලි ඇතුන්ගේ පිටේ නගිමින් විනෝද වන විදේශිකයන් ප්‍රමාණය 90%කින් අඩුවී ඇතැයි තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (24දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වන සතුන්ට හිංසා කිරීමෙන් වළකින ලෙසට තමා නිකුත් කළ නිර්දේශයෙන් පසුව මෙම තත්ත්වය උදාවී ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා යොමුකර තිබූ පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අලියෙකු බලා ගැනීම සඳහා මාසයකට රුපියල් ලක්ෂ 05ක් පමණ වැයවන බැවින් අලි ළඟ තබා ගන්නා අය ආදායම් බදුගෙවිය යුතු බවයි.