මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් පොල්ගෙඩියේ මිල හෝ හාල් සේරුවේ මිල අඩුනොවන බවත් ඒවා ජාතික දේශපාලනය හා එකතු වූ ප්‍රශ්ණ මිස ප්‍රාදේශීය දේශපාලනය තුළින් විසදාගත හැකි ප්‍රශ්න නොවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ල අන්දෙනියේදි පැවැති ජනහමුවකදී අද (24දා) පැවසීය.
හුගාක් අය කියනවා ආණ්ඩු පෙරලන මැතිවරණයක් ලෙස සලකලා මේක කරන්න කියලා. මේකෙන් කවුරු දිනුවත් ආණ්ඩු පෙරලෙන්නේ නැහැ. ආණ්ඩු හැදෙන්නෙත් නැහැ . තියෙන ආණ්ඩුව ඔය විදියටම යනවා .
මේ මැතිවරණයේ ප්‍රතිඵල මොනවා වුවත් පොල්ගෙඩියේ ගාණ අඩුවෙන්නෙත් නැහැ. හාල් සේරුවේ ගාණ අඩුවෙන්නෙත් නැහැ . ඒවා ජාතික දේශපාලනය හා එකතුවූ ප්‍රශ්ණ මිසක් ප්‍රාදේශීය දේශපාලනය තුළින් විසදන්න පුළුවන් දේවල් නොවෙය.
හැමෝටම තරම දැනගන්න මේ මැතිවරණ ප්‍රතිඵල වලින් පුළුවන් වෙය.සමහර අය හිතනවා අලිතරම් මහතයි කියලා. අලි තරම් විශාලයි කියලා. නමුත් අලිද ,මීයෝද , කුහුඹියෝද කියන එක මේ මැතිවරණ ප්‍රතිඵල වලින් ජනතාව තේරුම් කර දෙනවා”