කාන්තාවකගෙන් රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිරිපිටිය උතුරු කොටසේ ග්‍රාම නිලධාරීවරයා අද (21දා) දහවල් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
විදේශගතවීමට අවශ්‍ය පෝරමයේ පවුල් විස්තරයට අවශ්‍ය නිර්දේශ ලබාදීමට මෙම මුදල ලබාගෙන ඇතැයි එම කොමිසම කියයි.
මෙම ග්‍රාමසේවක නිලධාරියා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද (21දා) සවස ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.