තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
මීට අමතරව පක්ෂයේ අත්තනගල්ල ආසනය භාරගන්නා ලෙසට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇතැයිද රණතුංග මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව ඉදිරියේදී ඒ පිළිබඳව සලකා බලන බවද හෙතෙම පවසා සිටියේය.