හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා සාක්ෂි ලබාදිම සඳහා අද (20දා) දෙවැනි දිනයටත් බැඳුම්කර කොමිසම හමුවට පැමිණ තිබේ. ඊයේ (19දා) කොමිසමේ දැනුම් දීමක් අනුව ඔහු සාක්ෂි ලබාදීමට පැමිණියේය. එහිදී ඔහු සාක්ෂි ලබාදුන්නේය. මතභේදයට තුඩුදුන් බැඳුම්කර ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී මහ බැංකු අධිපති ලෙස කටයුතු කළේ අර්ජුන් මහේන්ද්රන් මහතායි.