අර්ජුන් මහෙන්ද්‍රන්ගේ ණය පත් බිල් PTL සමාගම ගෙවලා
අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ණය පත් (කෙඩිට් කාඩ්) බිල් රු මිලියන 3.2 ක් පර්පචුවල් සමාගමේ මුදල් භාවිත කර ගෙවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පවසා තිබේ.
කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම රුපියල් මිලියන 3.2ක මුදල ගෙවා ඇත්තේ පර්පචුවල් සමාගම ලබා දුන් චෙක්පත් 3 කින් බවයි.
එසේම මහ බැංකුව විසින් සිදුකළ අභ්‍යන්තර විගනණ වාර්තාවක ප්‍රශ්නගත ගෙවීම් 163 ක් අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින් සිදු කර ඇති බවද කැෆේ සංවිධානය නිකුත් කණ නිවේදනයක දැක්වෙයි.
මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන එළැඹෙන 21 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (07දා) නියෝග කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

