දිනේෂ් චන්දිමාල් තමා වෙනුවෙන් ක්‍රීඩා නොකර රට වෙනුවෙන් ක්‍රීඩා කළ බවත්, සිය පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම සඳහා පන්දු අපතේ නොයැවූ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක, අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා සඳහන් කරයි.
ඔස්ට්‍රේලියාව හා පැවැති තරගයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි චන්දිමාල් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වූ අතර පසුව ඔහුට ලෝක කුසලානයද අහිමිවිය.
මෙම තරගයේදී චන්දිමාල් ලෝක කුසලාන ඉතිහාසයේ සිවුවැනි වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් සිටි අතර පසුව ඔහු ආබාධය හේතුවෙන් පිටියෙන් ඉවත්විය.
එසේ නොවනන්ට තරගයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට වාසිදායක වීමට තිබූ බව විචාරකයින්ගේ මතතයි.
මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් අර්ජුණ රණතුංග මහතා චන්දිමාල් වෙනුවෙන් චරිත සහතිකය ලබා දී තිබේ.