අර්ජන් ඇලෝසියස් ගැන තොරතුරු නෑ - පර්පෙචුවල් ප්‍රධාන ගැණුම්කරුට විශේෂ ආරක්ෂාවක්
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බැඳුම්කර කොමිසයේ නිලධාරීන් උත්සාහ කළත් ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ යසන්ත කෝඳාගොඩ මහතා පැවැසීය.
අද (06දා) කොමිසමට මේ බව දැනුම් දුන් යසන්ත කෝඳාගොඩ මහතා පැවැසුවේ ඇලෝසියස්ගේ කාර්යාලයට හා නිවසට ගියත් ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවයි.
ඒ අනුව ඔහුව කොමිසම හමුවට ඉදිරිපත් කරන්නැයි කොමිසම විසින් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතාට පැවැසීය.
මේ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන ගැනුම්කාර කසුල් පළිසේන මහතාට විශේෂ ආරක්ෂාවක් සලසන ලෙස කොමිසම නියම කළේය.
පර්පෙචුවල් සමාගමේ විවිධ ක්‍රියාවන් හා ඊට සම්බන්ධ දේශපාලඥයින්ගේ නම් හෙළි කිරීමෙන් අනතුරුව ඔහුට ඇතිවන බලපෑම් වැළැක්වීමට ආරක්ෂාව සලසන ලෙස ඔහු වෙන්වෙන් පෙනී සිටින නීතඥවරයා කළ ඉල්ලීමකින් පසුව කොමිසම ආරක්ෂාව ලබාදීමට නියෝග කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

