තමා ජනාධිපතිවූ පසු අරලියගහ මන්දිරයේ හා ජනපති මන්දිරයේ මුළුතැන් ගෙයින් හමුදා සෙබළුන් ඉවත් කරන බව පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.
එසේම හමුදා නිලධාරීන්ගේ නිල ඇඳුමට ගැලපෙන රාජකාරී පවරන බවත් රෙජිමේන්තු අතර මතභේද ඇති කරමින් ඒවා දේශපාලන කටයුතු වලට යොදා නොගන්නා බවත් මෛත්රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවැසීය.
කෝට්ටේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් ප්රකාශ කළේය.