අරණායක, නාත්තාකන්ද ප්‍රදේශයේ පදිංචි පවුල් 57ක් මේ දක්වා අරණායක මැතිවරණ කොට්ඨාසයට සිය ඡන්ද අයිතිය ලබා දුන් අතර, ඔවුන් නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ගඟ ඉහළ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුයුක්ත කිරීමට විරෝධය පළකරමින් ඉදිරි මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පරම්පරා ගණනාවක් අයත්ව සිටි තමන්ගේ අදහස් උදහස් නොවිමසමින් මධ්‍යම පළාත් සභාවට අයත් ගඟ ඉහළ කෝරලයට අනුයුක්ත කිරීම හේතුකොට ගෙන තමන් මේ වනවිටත් දුෂ්කරතා රැසකට මුහුණපා සිටින බවත්, මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද ඒවාට ඇහුම්කන් නොදීම නිසා තමන් මෙම තීරණය ගෙන ඇති අතර, ඉදිරි පළාත් පාලන මැතිරණයේදී තමන්ගේ මෙම තීරණය ක්‍රියාත්මක කරන බවද නාත්තාකන්ද ප්‍රාදේශවාසීන් තමන් වෙත ලිඛිතව දන්වා ඇතැයි අරණායක එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක, අධිනීතිඥ නිමල් ජයසිංහ මහතා පැවසීය.
නාත්තාකන්ද පිහිටා ඇත්තේ මධ්‍යම පළාත් සහ සබරගමු මායිමේ වන අතර, අසුපිණි ඇල්ල පෙනෙන මානයේ මෙම ප්රාදේශය පිහිටා ඇත. අසුපිණි ඇල්ල ගමන් මාර්ගයද වැටී ඇත්තේ නාත්තාකන්ද ප්‍රදේශය හරහාය.
මාවනැල්ල - හෙම්මාතගම විජය බණ්ඩාර