දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 183 දක්වාත් අතුරුදන් සංඛ්‍යාව 103ක් දක්වාත් තුවාල ලැබූවන් 112 දෙනෙකු සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (30දා) පෙ.ව. 9.00ට නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේම මේ හේතුවෙන් පවුල් 142811 කට අයත් පුද්ගයන් 545283ක් අවතැන්ව සිටිති. නිවාස 768 ක් පූර්ණ ලෙස හානි වී ඇති අතර අර්ධ නිවාස හානි 5869කි.
වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 79කි. අතුරුදන් සංඛ්‍යාව 28කි. වැඩිම පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එහ 69කි. කලුතර මරණ 54කි.
පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් අවතැන්වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර පවුල් 43333කට අයත් පුද්ගලයින් 161763ක් අවතැන්ව සිටිති.