දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 177 දක්වාත් අතුරුදන් සංඛ්‍යාව 109ක් දක්වාත් තුවාල ලැබූවන් 109 දෙනෙකු සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පස්වරු 4.00ට නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේම මේ හේතුවෙන් පවුල් 151392 කට අයත් පුද්ගයන් 557505ක් අවතැන්ව සිටිති. නිවාස 484 වාර්තා වෙයි.
වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 77කි. අතුරුදන් සංඛ්‍යාව 26කි. වැඩිම පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එහ 69කි. කලුතර මරණ 54කි.
පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් අවතැන්වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර පවුල් 38155කට අයත් පුද්ගලයින් 151360ක් අවතැන්ව සිටිති.