දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 169 දක්වාත් අතුරුදන් සංඛ්‍යාව 102ක් දක්වාත් තුවාල ලැබූවන් 88 දෙනෙකු සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මධ්‍යාහ්න 12.00 ට නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේම මේ හේතුවෙන් පවුල් 140238 කට අයත් පුද්ගයන් 521384ක් අවතැන්ව සිටිති. නිවාස අර්ධ හානි 4362ක් හා පූර්ණ හානි 446ක්ද වාර්තා වෙයි.
වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 71කි. අතුරුදන් සංඛ්‍යාව 20කි. වැඩිම පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එහ 69කි. කලුතර මරණ 53කි.
පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් අවතැන්වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර පවුල් 38155කට අයත් පුද්ගලයින් 151360ක් අවතැන්ව සිටිති.