අද පැවති බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය අතරතුර කෘෂිකර්ම, ගොවිජන සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ ඡන්ද විමසීම සිදුකරන අවස්ථාව වනවිට සභාවේ නොසිටි සන්ධානයේ මල්ෂා කුමාරතුංග මන්ත්‍රීවරිය ඡන්දය ගණන් කර, ප්‍රතිඵලය නිකුත් වූ පසු සභාවට පැමිණියාය.
සභාපති සුනිල් විජේරත්න මහතා විසින් ඡන්ද විමසීම සිදුකළ අතර, එම අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සභාවේ නොසිටියාය.
වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 49 ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද 22 ක් ලැබුණි. ඒ අනුව වැඩි ඡන්ද 27 කින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මත විය.