අයවැය දෙවැනි වර කියවීමේ පළමු වටයේ ඡන්ද විමසීම හෙට (01දා) පැවැත්වීමට නියමිත අතර, එහිදී අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීමට ජාතික හෙළ උරුමය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග තම යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයකට මෙතෙක් එළඹීමට නොහැකිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කරයි.
ජනාධිපතිවරණයට පෙර ව්‍යවස්ථා සංශෝධනයක් සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බව ඉල්ලා ජාතික හෙළ උරුමය රජයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.
ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ නියෝජිතයන්ගෙන් සමන්විත අනුකමිටුවක් පත්කර ඇති අතර, ඒ පිළිබඳ මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැත.
කෙසේවෙතත් අයවැය දෙවැනිවර කියවීමට අදාළ ඡන්ද විමසීම හෙට පැවැත්වෙන අතර, එහි තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ නොවැම්බර් 24 වැනිදාය.