අයර්ලන්ත ජාතික තරුණියක පැහැරගෙන යෑමට උත්සාහ කළ බව පැවසෙන ත්‍රිරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ඇල්ල පොලීසිය පවසයි.
අදාළ තරුණිය සිය පෙම්වතා සමග මෙරටට පැමිණ ඇල්ල ප්‍රදේශයේ සංචාරය කිරීමට ගොස් කිතල්ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන තිබේ.
එම විදේශීය යුවළ ඇල්ල නගරයට පැමිණ සංචාරය කර මධ්‍යම රාත්‍රියේ ඇල්ල නගරයේ කුලී ත්‍රිරෝද රථයකින් කිතල්ඇල්ල නවාතැන් ගෙන සිටින සංචාරක හෝටලය වෙත ගමන් කර ඇති අතර, එහිදී සැකකාර ත්‍රිරෝද රථ රියදුරා විසින් කඳු සහිත මාර්ගයේ ත්‍රිරෝද රථය ගමන් නොකරන බැවින් මද දුරක් පාගමනින් පැමිණෙන ලෙස විදේශීය තරුණයාට පවසා තිබේ.
පසුව අදාළ තරුණිය ත්‍රිරෝද රථයේ සිටියදීම ත්‍රිරෝද රථ රියදුරා තරුණිය පැහැරගෙන වේගයෙන් ත්‍රිරෝද රථයෙන් පලාගොස් ඇත. විදේශීය තරුණිය පැහැරගත් ත්‍රිරෝද රථය බණ්ඩාරවෙල - පුනාගල මාර්ගයේ රාත්‍රියේ ධාවනය වෙමින් තිබියදී, එම තරුණිය කෑගසන ශබ්දයක් ඇසුණු යතුරුපැදිකරුවෙකු ත්‍රිරෝද රථය පසුපස හඹාගොස් එය නවතාගෙන ඇතැයි පොලීසිය පවසයි.
එම අවස්ථාවේදී විදේශ තරුණිය ත්‍රිරෝද රථයෙන් එළියට පැන අසල නිවසකට දිවගොස් දිවි බේරාගෙන ඇති අතර, සැකකාර ත්‍රිරෝද රථ රියදුරු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ත්‍රිරෝද රථයෙන් පැනීමේදී තුවාල ලැබූ තරුණිය බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඇල්ල - ප්‍රසාද් රුක්මල්