දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 126ක් බවට පත්ව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙ.ව. 10ට නිකුත් කළ නිවේදනයක දැක්වූයේ තුවාල ලැබූ පුද්ගල සංඛ්‍යාව 49ක් බවත් අතුරුදන්විම් 97ක් බවත්ය.
පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 109773ක් වන අතර පීඩාවට පත්වූ පුද්ගල සංඛ්‍යාව 423068කි. නිවාස පූර්ණ හානි 203 ක් වන අර්ධ හානි 1627කි.