අමෙරිකානු මැදිකාලීන මැතිවරණයෙන් රිපබ්ලිකන්වරු ඉදිරියට
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති මැදිකාලීන මැතිවරණයේ මේ දක්වා නිකුත් වී ඇති ඡන්ද ප්රතිඵලවලට අනුව, එරට සෙනට් මණ්ඩලයේ බලය අත්පත් කරගැනීමට රිපබ්ලිකන් පක්ෂය සමත්ව ඇති බව වාර්තා වෙයි.
බරැක් ඔබාමා රජයේ අවසන් වසර දෙකක කාලය තුළ මෙසේ රිපබ්ලිකන්වරු සිය බලය සියතට ගැනීමට සමත්ව තිබේ.
මේ වනවිට ආර්කන්සාස්, කොලරාඩෝ, ලෝවා, මොන්ටානා, නෝත් කැරොලීනා, සවුත් ඩොකාටා සහ වෙස්ට් වර්ජීනියා යන ප්රාන්තවල සෙනට් මණ්ඩලයේ බලය රිපබ්ලිකන්වරුන් අතට පත්ව තිබේ.
ඡන්ද ගණන් කිරීම තවදුරටත් සිදුවීමේදී තවත් ප්රාන්ත කිහිපයක බලය තහවුරු කරගැනීමට ගැනීමට රිපබ්ලිකන්වරුන්ට හැකිවනු ඇති බවටද පුරෝකථනයන් පවතී.
මේ අතර, රිපබ්ලිකන්වරු එරට පහළ මන්ත්රණ සභාවේ බලයද ශක්තිමත් කිරීමට පෙළ ගැසී සිටින බව කියැවෙයි.
මෙම මැතිවරණය පුරාම ඩිමොක්රටික් පක්ෂ ජනපති බරැක් ඔබාමා පිළිබඳ ඇමෙරිකානු ජනතාව තුළ උද්ගත වෙමින් පවතින අසතුට ඉස්මතු වෙමින් පවතින නිසා, මෙය ඔහුගේ ජනාධිපති ධුරය පිළිබඳ ජනමත විමසුමක් පිළිබිඹු කරන බවද කියැවෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

