මහනුවර නගරයේ පසුගිය කාලයේ සිදුවූ කලබල ඇති කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මහසොහොන් බලකාය අත්අඩංගුවට ගත් අමිත් වීරසිංහ ඇතුලු සැකකරුවන් 10 දෙනා මාර්තු 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මොවුන් සාපරාධි ක්රියාවලට අදාලව ත්රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත පරික්ෂණ සිදු කළ අතර අද දිනයේදී අදාළ සැකකරුවන් 10 දෙනාම අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව සැකකරුවන්ගෙන් 08 දෙනෙකු අද තෙල්දෙණිය මහේස්ත්රාත් අධිකරණයටත් අනෙකුත් සැකකරුවන් දෙදෙනා ගලගෙදර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය සඳහන් කළේය.
ඒ අනුව සැකකරුවන් එළඹෙන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියෝග කර තිබේ.