වත්මන් ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් භාරගන්නා ලෙස ජනාධිපතිවරයා තමන්ට ආරාධනා කළ බවත්, තමා අමාත්‍ය ධුරයක් භාර නොගන්නා බව ජනාධිපතිවරයාට දැන්වූ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවසීය.
ජාතික ආණ්ඩුවට සහය දෙනවාදැයි 'අද' කළ විමසීමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.