මේ වසර තුළදී අමාත්‍යාංශ සඳහා වාහන ගෙන්වීම අවලංගු කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබෙනවා. අද (30දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමක් අනුව ජනපතිවරයා මෙම තීරණය ගෙන තිබේ. අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ මේ වසරේදී අමාත්‍යාංශ සඳහා වාහන ගෙන්වීම නවතා දමන ලෙසයි.
.png)