සෞඛ්‍ය අමාත්‍යාංශය අමාරු අමාත්‍යාංශයක් නොවන බවත්, එම අමාත්‍යාංශයේ අමාරු පුද්ගලයන් සිටීම ප්‍රශ්නයක් බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.
රුපියල් මිලියන 500 ක මුදලක් වැය කරමින් පොළොන්නරුව මහ රෝහලේ ඉදිකරන ලද නව වෛද්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා අද (10දා) මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමතිවරයා කියාසිටියේ තමන්ට ඇමතිවරයෙකු ලෙසත්, වසර 25 ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් ඇති අත්දැකීම් සමග මිනිසුන් අතරේ සිටින ඉතාමත් අශීලාචාර, මිනිස්කමට නොගැළපෙන මිනිසුන් සිටින බව තේරුම්ගත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බවයි.