ජනතාවට වැඩ කළ හැකි අමාත්‍යාංශයක් ඉදිරියේදී තමන්ට ලැබෙන බවත්, එබැවින් පාක්ෂිකයන් කලබල නොවිය යුතු බවත් විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ බදුල්ල මහනගර සභාවට, බදුල්ල ප්‍රාදේශීය සභාවට හා ලුණුගල ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා බාරදීමෙන් පසු අද (13දා) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
"මට ලැබුණු අමාත්‍යාංශය ගැන කලබල වෙලා ඉන්න පාක්ෂිකයන්ට මම අද කියනවා කලබල වෙන්න එපා,ඉස්සරහට හොඳ ආරංචියක් ලැබෙයි. වැඩ කරන්න පුළුවන් හොඳ අමාත්‍යාංශයක් සමග ඉස්සරහට එනවා."
බදුල්ල - පාලිත ආරියවංශ/ ඇල්ල - ප්‍රසාද් රුක්මල්/ ලුණුගල - ප්‍රසන්න පත්මසිරි