අම්බලන්තොට ථේරපුත්ත ජාතික පාසලේ ඇති බඹර කූඩුවක් ඇවිස්සීමෙන් ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි පාසල් සිසුන් පිරිසක් ඊයේ ( 29දා) සවස 5.30 පමණ බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.
එහි සිටි 10 දෙනෙකුට අධික පිරිසක් බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර ඉන් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටි බැවින් අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා තිබේ.
