අම්බලන්තොට ඩිපෝවේ ඩිපෝ අධිකාරිවරයා මාරුකිරීමට විරෝධය පාමින් එහි රියදුරු සහ කොන්දොස්තර මහතුන් ඇතුළු සියලු සේවකයෝ අද (23දා) වැඩ වර්ජනයක නිරත වීම නිසා ඩිපෝවෙන් ආරම්භ වන දුර ගමන් සහ ග්රාමීය සේවාවන් අඩාල වී ඇත.
විශේෂයෙන් ලංගම බස් රථ පමණක් ධාවනය වන ග්රාමීය ප්රදේශවල ජනතාව මෙය නිසා මහත් දුෂ්කරතාවට පත්ව සිටිති.