මහනුවර සහ අම්පාර ආශ්‍රිතව සිදුවූ අවාසනාවන්ත සිද්ධීන් සම්බන්ධව මෙතෙක් ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳවත්, ඉදිරියේ මෙවැනි සිද්ධීන් ඇතිවීම වළක්වා ගැනීම පිළිබඳවත් අදහස් හුවමාරු කර ගැනීමේ මූලික සාකච්ඡාවක් අද (19දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණි.
නීතිවිරෝධී කටයුතුවල නිරත වූ පිරිස් සම්බන්ධයෙන් පොලීසිය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් හා මෙතෙක් අධිකරණය හමුවට පමුණුවා ඇති චූදිතයන් පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව අනුගමනය කිරීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද අදාළ ක්ෂේත්‍ර නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ නියෝජිතයෝ අග්‍රාමාත්‍යවරයාට කරුණු දැක්වූහ.
මෙසේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනාගතයේ මෙවැනි සිද්ධීන් වළකාලීම උදෙසා ගත යුතු ජාතික මට්ටමේ ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.
ඉන් අනතුරුව කරුණු දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ දීර්ඝ කාලීන තිරසර සහජීවනය තහවුරු කරලීමේ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කරලීමට හා මුස්ලිම් ජනතා නියෝජිතයන් සහ රජයේ අදාළ අමාත්‍යවරුන් හා නිලධාරීන් අතර සාකච්ඡා වාරයක් කඩිනමින්ම සංවිධානය කරන බවයි.