අම්පාරේ පිහටි මූල්‍ය ආයතනයක් තුළදී සිය සිරුරට ගිනි තබාගත් පුද්ගලයා අද (03දා) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය කියයි.
සිය සිරුරට පෙට්‍රල් දමා ගැනීමෙන් ඊයේ (02දා) ඔහු ගිනි තබාගත්තේය. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 40ක් වන මනෝ ගුණරත්න නැමැති අයෙකි. ගින්නෙන් ආයතනයටද හානිවූ අතර එහි අලාභය තක්සේරු කර නැති බව පොලීසිය කියයි.
එම ආයතනයෙන් කල්බදු පදනම මත ලබාගත් ටිපර් රථයක් නැවත එම සමාගම විසින් අත්පත් කර ගැනීමක් හේතුවෙන් ඇතිවූ සිත්තැවුලක් හේතුවෙන් ඔහු සිරුරට ගිනි තබාගෙන තිබේ.