නාරාහේන්පිට පිහිටි අභයාරාම විහාරස්ථානය දේශපාලන කටයුතු සඳහා යොදාගැනීම වළකාලමින් අද (14දා) කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
ඒ කිරුළපන පූර්වාරාමාධිපති පද්බේරිය විමලඥාන හිමියන් විසින් ගොනු කරන ලද පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දෙන ලදී.