ශ්‍රී ලංකා සංචාරයේදි අපූරු දිනයක් පිළිබඳව බලාගෙන සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කරයි.
දින දෙකක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සිය අනුරාධපුර හා යාපනයේ සංචාරය ආරම්භ කිරිමට මත්තෙන් සිය ට්විටර් ගිණුමට නිවේදයක් නිකුත් කරමින් ඔහු මේ බව පැවැසීය.
යාපනයට අමතරව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තෙලෙයි මන්නාරමේද සංචාරය කිරීමට නියමිතය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාගෙන් පසුව යාපනයේ සංචාරයක නිරතවන පළමු රාජ්‍ය නායකයා නරේන්ද්‍ර මෝදිය.
ඉන්දීය ආධාර යටතේ යාපනයේ ඉදිකළ නිවාස 20000ක් පමණ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතාට බෙදා දීමට නියමිතය.
මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දිවෙන දුම්රිය මාර්ගයද මෙහිදී ජනතා අයිතියට පත්කෙරේ.