(VIDEO) තමන්ගේ පවුලට එල්ල වෙන චෝදනා සම්බන්ධව නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී හමුවූ සැහැල්ලු ගුවන්යානය සම්බන්ධයෙන් ප්රකාශකයක් ලබාගැනීමට යෝෂිත රාපක්ෂ මහතාට අද (04දා) කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙන්නැයි දන්වා තිබුණු අතර, එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය පැය 2කට ආසන්න කාලයක් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර තිබුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
"චෝදනා බොහෝමයක් රජය තියෙන කාලෙත් එල්ල වුණා. අපි ඒ වෙලාවෙත්, මැතිවරණයෙන් පසුවත් කිව්වේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න ඕනෑම දෙයක් කරන්න සූදානම් කියලයි. මේකත් ඒකෙ ප්‍රතිඵලයක්. අපි වැරැද්දක් කරලා නැහැ" යනුවෙන් ප්‍රකාශ කළේය.
VIDEO