අප්‍රේල් 30 දිනෙන් ශ්‍රී පාද වාරය අවසන්
පසුගිය වසරේ උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කළ ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පොහෝ දිනයෙන් (අප්‍රේල් 30) අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්ම දින්න නායක හිමියෝ පැවසූහ.
මේ අනුව ශ්‍රී පාද උඩමලුවේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව, සමන් දේව ප්රතිමාවන්, දේව ආභරණ සහ පූජා භාණ්ඩ අප්‍රේල් 30දා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ ගමන් මාළිගාව තුළ තැන්පත් කිරීමට වැඩමවීමට නියමිතය.
රත්නපුර - පලාබද්දල මාර්ගය ඔස්සේත්, හැටන් - නල්ලතන්නිය - බගවන්තලාව මාර්ගය ඔස්සේත් හැටන් - ලක්ෂපාන,අවිස්සාවේල්ල - රත්නපුර මාර්ගයන් ඔස්සේත් රාජ්‍ය අනුග්‍රහය ඇතිව රිය පෙරහරවල් තුනකින් මෙම භාණ්ඩ වැඩමවා එදිනම පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ ගමන් මාළිගාව තුළ තැන්පත් කර එදින සමන් දේව ප්‍රතිමාව වැඳපුදා ගැනීමට අවස්ථාව ලබා දෙන බවද නායක හිමියෝ පැවසූහ.
ඊට පසු දින (මැයි 01) ගමන් මාළිගාවේ තැන්පත් සදාතුක කරඩුව, සමන් දේව ප්රතිමාවන්, දේව ආභරණ සහ පූජා භාණ්ඩ විශේෂ පෙරහරක් මගින් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය වෙත වඩම්මවා ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තබන බවද උන්වහන්සේ පැවසූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


