අප්‍රේල් 23 පාර්ලිමේන්තුව විසිරෙන්නේ නෑ
එළැඹෙන අප්‍රේල් මස 23 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදුනොවෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා සඳහන් කළේය.
බී.බී.සී. සන්දේශයට අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
“බොහෝ දුරට මේ අප්‍රේල් 23 වැනිදා විසුරුවා හැරීම සිද්ද වෙන්නේ නැහැ. අපිට ඊට ඉස්සෙල්ල කරන්න ලොකු කාර්යභාරයක් තියෙනව” යැයි හෙතෙම සඳහන් කළේය.
විධායක ජනපතිධුරයේ බලතල අඩුකිරීම, මැතිවරණ ක්‍රමය වෙනස්කිරීම ඇතුලු අත්‍යාවශ්‍ය කාර්යයන් සිදුකිරීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවෙනු ඇති බව ඔහු සඳහන් කළේය.
ජාතික ආණ්ඩුවකට එක්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක්ද යනුවෙන් සන්දේශය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය ජීවන් කුමාර්තුංග මහතා,
“නෑ නෑ. අපි දැන් විපක්ෂයේ හැටියට නෙමෙයි ඉන්නේ. අපි ජාතික ආණ්ඩුවක වගකීම් දරණ කණ්ඩායමක්. විපක්ෂයේ තියෙන කාර්යභාරය නෙමෙයි. අපිට මේ පාර්ලිමේන්තුවට පැවැරෙන වගකීම වෙනුවෙන් කටයුතු කරනවා”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
