අපරාධකරුවන් රැසක් නීතියට කොටුකළ කෝරා සමුගනියි ශ්රීධ පාද වන්දනාවේ මත්ද්රයව්යපය රැගෙන ආ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනිමට සහයෝගය දක්වා ඇති හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ වසර 3ට අධික කාලයක් රාජකාරී කළ කෝරා සුනඛයා අද (29දා) මියගොස් තිබේ.
බෙල්ජියම් මැරනුන් වර්ගයට අයත් මෙම කෝරා සුනඛයාගේ වයස අවුරුදු 8 වන අතර, එම සුනඛයා පැලියගොඩ, අම්පාර , මඩකලපුව,බණ්ඩාරවෙල යන ස්ථානවල සහ අවසන් වරට හැටන් පොලිස් කොට්ඨාශයේ රාජකාරිය සිදු කර තිබේ.
ඒ කාලය තුළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහාය දක්වා ඇත. මධ්‍යයම පලාතේ මහනුවර අස්ගිරිය නිල සුනඛ මුලස්ථානයේ පුහුණුවක් සදහා කෝරා සුනඛයාව රැගෙන ගිය අවස්ථාවේ කෝරා මිය ගොස් ඇති බවයි හැටන් පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.