අපරභාගයේදී බොහෝ පළාත්වලට මහ වැසි
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ පළාත්වල තනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, ඇතැම් ස්ථානවලට තරමක තද වැසිද (මි.මී 75 ක පමණ) ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද වැඩිදුරටත් පවසා සිටියි.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය සැලකීෙම්දී දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වන අතර, සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් පවසා සිටියි.
යාපනයේ සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන විට අනෙකුත් මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවද වැඩිදුරටත් පවසා සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

