අනූෂට - ලලිත්ට සුපිරි හෝටල්වලින් චයිනීස් කෑම ලැබෙනවා
(VIDEO) සිල් රෙදි නඩුවට වැරදි කරුවන් බවට පත්වී බන්ධනාගාරගත කර තිබෙන හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංගට හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට සුපිරි හෝටල්වලින් චීන කෑම ලැබෙන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කියයි.
අද (12දා) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැවැති විරෝධතාවක් අතරතුළදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.
“කෝටි 60ක් හොරකම් කරපු අය නිරෝගීව උසාවියට එනවා. තීන්දුව දුන්න ගමන් ඒ අය ලෙඩ වෙනවා. මේ ලෙඩ තියෙද්දී මේ අය කොහොමද රාජ්‍ය සේවයේ හිටියේ කියලා ජනතාව අහනවා.
බී.එම්.ඩබ්ලිව්. සංඝ මුදලාලිලා හොරුන්ට ආරක්ෂා කරන්න සල්ලි එකතුකරනවා. සුපිරි පැලැන්තියේ දේශපාලකයන්ට හා ගමේ අහින්සක මිනිසුන්ට සලකන්නේ දෙවිදිහකට.
අද වැඩියෙන්ම හොයන්නේ ආගමික නායකයන්, දූෂිත නීතිඥයින් හා දේශපාලකයන් ” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.
ඡායාරූප හා වීඩියෝ - ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

