උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරිමේදී රුපියල් මිලියන 8ක මුදලක් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හිටපු රාජ්ය දැව සංස්ථාවේදී සභාපති අනුරුද්ධ පොල්ගම්පොල රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කිලිනොච්චි මහේස්ත්රාත් ඒ.කේ. ආනන්දරාජා මහතා නියෝග කළේය. ඔහුට ඇප නොදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් ප්රතික්ෂේප කරමින් මහේස්ත්රාත්වරයා ඇප නියම කළේය.