අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු අද (22දා) අනුරාධපුර නගරයේදී කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන්ගත් යාල්දේවී දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇතැයි අනුරාධපුර පොලීසිය පවසයි.
මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ, මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනීසිටීමට නියමිතව සිටි අංක 2959/11, තුන්වැනි පියවර, පුබුදු මාවත, අනුරාධපුර ලිපිනයෙහි පදිංචිව සිටි බිෂාන් ජයවර්ධන (අවු.18) නමැත්තෙකි.
සිසුවාගේ මළසිරුර එම දුම්රියෙන්ම අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් තිබූ අතර, එම ස්ථානයට පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් කිහිප දෙනෙකකු හා අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක්ද පැමිණ තිබිණි.
සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.