මතභේදයට තුඩුදුන් පූජනීය අනුරාධපුර නගරයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාව මාධ්‍ය‘යේ අවධානයට ලක්වීමත් සමග වසා දමාඇත.
මේ පිළිබඳව ප්‍රථමවරට පාර්ලිමේන්තුවේදී කරුණු හෙළිකළ එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා කියා සිටියේ එම රාත්‍රී සමාජ ශාලාව දිනකට රුපියල් ලක්ෂ 15 ක පමණ ලාභයක් යටතේ පවත්වාගෙන ගොස් ඇති බවයි.
විශේෂයෙන්ම තම හෙළිදරව්වට මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදීමත් සමග එම සමාජ ශාලාව වසාදැමීමට සිදුව ඇතැයි ඔහු 'අද' පුවත්පතට පැවසීය.
මේ බව දිස්ත්‍රික්කයේ ඉහළ පොලිස් නිලධාරීන් තමාට දැන්වූ බවද මන්ත්‍රීවරයා කීය.
කැළුම් බණ්ඩාර