අනුරපුරයම තෙවැනි ඇස යටතට
ශ්‍රී ලංකාවේ කොළඹ හැරුණු විට ආරක්ෂිත කැමරා (සී.සී.ටී.වී.) පද්ධතියක් ඉදිකෙරුණ ප්‍රථම නගරය වන අනුරාධපුරය නගරයේ කැමරා පද්ධතිය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (05දා) පෙ.ව. 9.00ට අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරේ .
අනතුරුව උදෑසන 09.45ට අනුරාධපුරයට පැමිණෙන සංචාරකයන්ට තොරතුරු දැනගැනීම සඳහා සංචාරක මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය තොරතුරු යන්ත්‍රයද විවෘත කිරීමට නියමිතය.
පළාත් සභා පරිශ්‍රයේ ඉදිකරන ලද බුදු මැදුරද එදින උදෑසන 10.00ට ජනාධිපතිවරයාගේ සුරතින් විවෘත කිරීමට නියමිත අතර, අනතුරුව එදින සවස ගෝල්ඩන් මැන්ගෝ උත්සව ශාලාවේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ උතුරු මැද පළාතට විශේෂ සේවයන් කළ විශිෂ්ටයන් අගයා වර්ණ සම්මාන ප්රදානයක්ද සිදුකෙරේ.
මීට අමතරව පසුදා (06දා) අනුරාධපුර නුවර වැවේ ඉදිකළ ඇවිදින මංතීරුව විවෘත කිරීමෙන් අනතුරුව, එදින පෙ.ව. 9.00 ට හබරණ නගරයේ සවිකර ඇති ආරක්ෂිත කැමරා (සී.සී.ටී.වී.) පද්ධතිය විවෘත කිරීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
