මාතර, කොටවිල, නිවසක් අසල ත්රිරෝද රථයක් තුළ පිළිස්සීමෙන් සිදුවූ පුද්ගල මළසිරුරක් අද (30දා) හමුවූ බව කොටවිල පොලීසිය සඳහන් කර සිටියේය.
අනියම් ප්රේමසබඳතාවයක් හේතුවෙන් සිදුවූ සියදිවි නසාගැනීමක් බව මූලික පරීක්ෂණවලින් හෙළිව ඇති බව පොලීසිය පැවසීය.
ඒ අනුව මෙම මියගිය පුද්ගලයා හා සිදුවීම වූ නිවසේ කාන්තාවක හා තිබූ අනියම් සබඳතාවක්, එම කාන්තාව විසින් නවතා දැමීමට උරණව මෙම පුද්ගලයා එම කාන්තාවගේ නිවසට ගොස් මෙසේ ගිනි තබා ගෙන ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ගොඩගම ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු අතර, මේ හේතුවෙන් ඔහුගේ ත්රිරෝද රථයට, නිවසේ නවතා තිබූ මොටර් රථයට හා එම නිවසට දැඩි හානි සිදුව ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
සිදුවීම සම්බන්ධයෙන් කොටවිල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.