අන්තර්ජාලය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් 2017 වර්ෂයේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුළ පැමිණිලි 1600 ක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) පවසයි.
මෙයින් 80%ක් පමණ පැමිණිලි ලැබී ඇත්තේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම්වලට අදාළව බව සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමේ කිරීමේ නිරත ආයතන ලෙස පෙනී සිටිමින් කූඨ ලෙස මුදල් වංචා කිරීම් සම්බන්ධ පැමිණිලි කිහිපයක්ද ලැබී ඇතැයිද ඒ මහතා පවසයි.