අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයා ජනපති හමුවෙයි
අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය මැතිව් මොරෙල් (Matthew Morel) මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (19දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුව තිබේ.
මෙහිදීදේශගුණික විපර්යාස හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බව අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයා පවසා තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙන්ම පසු අස්වනු හානි අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණික සහාය ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව පැවසූ අධ්යක්ෂ ජනරාල්වරයා සහල් නිෂ්පාදනයේ අගයදාමය ප්‍රවර්ධනය සඳහාද නව තාක්ෂණික ක්‍රම හඳුන්වාදීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය.
මෙම හමුව සඳහා මොහාන් ලාල් ග්‍රේරු, හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක්ද සහභාගි වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



