මානවහිමිකම් යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදය ආරම්භ කළ අතර අද දිනයේදී ද පාර්ලිමේන්තුව වරින්වර උණුසුම් තත්වයන් ඇතිවිය. විවාදයේදී පා.ම විමල් වීරවංශ මහතාට අදහස් දැක්වීමට අවස්ථාව ඉල්ලා සිටි අවස්ථාවේ ඇතිවු උණූසුම් තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10 ක් කල්තැබීමට මුලාසන මන්ත්‍රීවරයාට සිදුවිය මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී සෙංකෝලය රැගෙන යෑමට උත්සාහදැරු අතර පාර්ලිමේන්තුව නැවත රැස්වු අවස්ථාවේදී අනවබෝධය මත මෙය සිදුවුවා යැයි පවසමින් හෙතෙම සිය කණගාටුව ප්‍රකාශකළේය.
මහින්ද සමරසිංහ අමාත්‍යවරයා සභාව ඇමතීමෙන් පසු ඩී.ඇම්.ස්වාමිනාදන් අමාත්‍යවරයාට අදහස් පල කරන ලෙස පාර්ලිමේන්තුවේ මූලාසනය දැරූ මුජිබුර් රහමන් මන්ත්‍රීවරයා අවස්ථාව ලබාදුන් අතර එහිදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විමල් වීරවංශ මන්ත්‍රීවරයාට සභාව ඇමතීමට අවස්ථාව ලබා දිය යුතු බව කියා කියාසිටියේය.
එහිදී මූලාසනය පැවසුයේ තමාට ලැබුණු ලැයිස්තුව අනුව කථා කිරීමේ අවස්ථාව ලබා දෙන බවය. එම අවස්ථාවෙදී විපක්ෂ මන්ත්‍රීවරු කෑ කෝ ගසමින් ඊට විරෝධය පළ කළහ. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සෙංකෝලය රැගෙන යෑමට උත්සාහ කළ අතර නියෝජ්‍ය වේත්‍රධාරීවරයා සභාව මැදට පැමිණ එය වැළැක්වීය. අදාල විවාදය හෙට දිනයේදීද පැවැත්වීම නියමිතය