මේ වන විට වර්ජනයක නිරත ව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ ගැටලුවට හෙට (20දා) සාධනීය විසඳුමක් ලබා දීමට නියමිත බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි.
මේ පිළිබඳව ඊයේ (18දා) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.
එම සාකච්ඡාවේදී එළඹි නිගමන අනුව අමාත්‍යවරයාගේ උපදෙස් මත උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කොට මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට නියමිතය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් හා වෘත්තීය සමිති නියෝජිතයෝ මෙම අවස්ථාවට එක් වූහ.