කොළඹ සිට තණමල්විල බලා ධාවනය වූ ලංගම බස් රථයක් රණවර්ණාව පාසල අසළ පාලමේ ගැටී සිදු වූ අනතුරකින් බස් රථයේ කොන්දොස්තර හා මගීන් 27ක් තුවාල ලබා ඇත.
පසුව අවුරුදු 25ක් වන කොන්දොස්තර ජීවිතක්ෂයට පත්ව ඇති අතර මගීන් 18ක් තණමල්විල රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබයි.
අනතුරින් පසු බස් රථයේ රියදුරු පළාගොස් ඇත අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.