අධිවේගී මාර්ගය භාවිත කරන සෑම රියදුරෙකුම වම්පස මංතීරුවේ රිය ධාවනය කරන ලෙස පොලිස් මුලස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. වාහනයකට ඉස්සර කිරීමේදී පමණක් දකුණ පස මංතීරුව භාවිතා කරන ලෙසත් තමන්ට පාලනය කරගත හැකි වේගයකින් වාහන ධාවනය කරන ලෙසත් පොලිස් මුලස්ථානය ඉල්ලා සිටී.
අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශාල වාහන සංඛ්‍යාවක් අධිවේගී මාර්ගය භාවිතා කරන නිසා මේ පිළිබඳව අවදානය යොමුකර කටයුතු කළ යුතු බවද පොලිස් මුලස්ථානය පෙන්වා දෙයි.