දක්ෂිණ අධිවේගයේ හා කටුනායක අධිවේගයේ සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දක්ෂිණි අධිවේගයේ මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව අසළදී සිදුවූ අනතුරකින් මෝටර් රථයක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙක් තුවාල ලබා තිබේ.
එසේම කටුනායක අධිවගයේ ජා ඇල අන්තර් හුවමාරුවේදී මෝටර් රථයක් විදුලි පහන් කණුවක ගැටී සිදූ වූ අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. තුවාල ලැබූවන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.